Thotupola

Thana Nille Kithugosa Nanwala

Saman De Silva

තණ නිල්ලේ කිතුගොස නංවාලා ක්‍රිකට් ලොවේ ජය දද බැන්දු ආසිරි ගී මල් ඔබටයි විරුවනි උපන් බිමේ හොඳ නම රැන්දු...// නියම වේග දඟ පන්දු යවලා ශක්තිය ලොවටම පෙන්වාලා අහස උඩට යන හයේ පහරවල් ගහන්න කෙළිබිම හොල්ලාලා උපන් හපන්කම් මවා එදා මෙනි එනු මැන ජය කොඩි නංවාලා... තණ නිල්ලේ... අපේ පුතුන් හෙළ විකුමන් පෙන්වා එදා ලැබූ ජය සුරැකේවා වාද භේදකම් දුරු වී හැමදා යාලු මිතුරුකම් වැඩි වේවා ලෝකේ පුරා අප දිනු උපන්බිම ශ්‍රී ලංකා නම රැව්දේවා... තණ නිල්ලේ...//

Thana Nille Kithugosa Nanwala lyrics · Saman De Silva