Thotupola

Asiri Mal Selena Mohothe

Mariazelle Goonetilleke

ආසිරි මල් සැලෙනා මොහොතේ රන් සිනහා පිපුණා මල් කුමරියනේ තනි කරලා ඔබ ඇය ඔහු හා යනවා... අද ඇයගේ දිවි මගේ නොමැකෙන දවසයි නව ලොවකට ජීවිතේ පිවිසෙන දවසයි මල් සරා ඇවිත් බැල්මක් හෙලා ගිහින් මනමාලියේ සුදු මනමාලියේ... හදවතේ තිබුණු පැතුම් සිහින අද තමා ඔන්න වුණේ සුවඳ බිම බලා ඉන්නේ තවත් මොකද මා දිහා බලනු මැන මා දිහා මනමාලියේ සුදු මනමාලියේ... අද ඇයගේ දිවි... යෙහෙළියන් ඔබට ඉඟි කළාද මල් ලොවේ රහස් පැවසුවාද සුබ ගමන් යන්නේ නොවෙයි තනිව මංගලම් ඔබට ජය මංගලම් මනමාලියේ සුදු මනමාලියේ... අද ඇයගේ දිවි... වාසනාවන්ත අනාගතය රන් රිදී රුවන් සොයා යන්න ආදරේ පැතුම් බෙදාගන්න මංගලම් සිරි සුබ මංගලම් මනමාලියේ සුදු මනමාලියේ... අද ඇයගේ දිවි...

Asiri Mal Selena Mohothe lyrics · Mariazelle Goonetilleke