Kurulu Game Kurulu Gedara
කුරුළු ගමේ කුරුළු ගෙදර කුරුළු කුමාරී බඳින දවස මගුල අදයි යස හැඩකාරී...// මනාලයා ආවම හැඩටම පිළිගන්නේ මනාලියගෙ මෑණියෝ පෙරමගටයි යන්නේ කුරුළු කුමාරියගේ මගුල අදය කිය කියා ආ හැම දෙන පිළිගන්නව හොටට හොට තියා... කුරුළු ගමේ...// මනාලයා ආවම එහි සිරිය මැවෙන්නේ කුරුළු පොඩිත්තෝ ආසිරි ගීත ගයන්නේ මහළු කුරුල්ලෙක් දෙන්නට අත්පැන් දෙන්නේ යෙහෙළියො එක්වීලා මල් පියලි ඉසින්නේ... කුරුළු ගමේ...//
