Thotupola

Paatha Indan Api Awe

Victor Rathnayake

පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...// හීල් හෙවණේ ඉඳගෙන බෑ හේන් කුඹුරු වැඩ කරන්න// ඇඟපත කළු වුනත් අපේ කිලි කුණු නැති හිත බලන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න... පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...// මූදු ගියා ලෙලි තැලුවා පිළි ගඳින් බෑ මිදෙන්න// ඒත් අපේ මල් සුවඳයි එපා බාර නොගෙන ඉන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න... පාත ඉඳන් අපි ආවේ නාමල් පූජා කරන්න දළදා හාමුදුරුවනේ පාත මාලයට වඩින්න...//

Paatha Indan Api Awe lyrics · Victor Rathnayake