Wati Wati Ma Yanawa
වැටි වැටී මා යනවා මේ ජීවන ගමනේ සරණ සොයා ආවා නාස්රියෙ යේසූ// මා පව් කරලා ඔබ අත් හැරලා ලෝකෙට සිත දුවලා වියවුල් වුණි මා ඔබ මා ළඟ නැති දා මා හට වෙන්න සමා මා ආදර යේසූ// වැටි වැටී... නෑසිය මිතුරන් මා පිය දෙගුරුන් අද මට එරෙහි වෙලා මා පතනා ලොව අද මට අහිමි වෙලා// මා ඔබ ළඟ ඉන්නම් මා ආදර යේසූ// වැටි වැටී...///
