Polowen Mathuwana MiniKeta
පොළොවෙන් මතුවන මිණිකැට මනරම් දිවයින මගේ රට// ගැතියන් නොව පිටරටකට බැතියෙන් සුරකිමු සදහට// පොළොවෙන් මතුවන මිණිකැට මනරම් දිවයින මගේ රට// ගැතියන් නොව පිටරටකට බැතියෙන් සුරකිමු සදහට// ගිරි සිරසින් සැදී ඇදී// කළු මහවැලි කැළණි නදී// දසත ගලා දෙරණ සරා හෙළ බිම සරු කරන නදී සීගිරියේ බිතු සිතුවම්// ඉසුරුමුණියේ ගල් කැටයම් සිරි ඉතිරේ අනුරපුරේ යුගයක හෙළ විකුමන්... වැවෙන් ජලය කෙතට හලා// ගලෙන් විකුම් පිළිම නෙලා// පොළොන්නරුවේ හෙළ විරුවන් රුවන් දෙරණ අසිරි කළා අසිරිය දැක මගේ රටේ පිටරැටිනගේ අවි ගැටේ// එකමුතු වෙමු නිති සුරකිමු උරුමය අපේ රටේ... පොළොවෙන් මතුවන...
