Thotupola

Nil Ahasa Pura

Romesh Sugathapala, Lakshan Wijesinghe

නිල් අහස පුරා උණුසුම සදලා සැමදා මගේ තාත්තා සෙනෙහස වපුරා මහමෙර උතුරා සැමදා මගේ තාත්තා... [තව්තිසාවේ සුවඳ පැනින් දෙව් ඔබේ සෙනෙහසෙන් නැහැවී මා ලෝකය දිනුවා] සිහිනයේ සැබෑව මට පහදා සෙවනැල්ලෙත් නුඹ මා ළඟ උන්නා නිදි නැති කප්තුර බොහොසේ ගෙවුණා ඔබ හින්දා මං ලෝකය දිනුවා සිනහව කැන්දා කඳුළැල් සඟවා නුඹ උන්නා මගේ තාත්තා දෙවිවරු පරදා නුඹ මට සැනසුම සැදුවා මගේ තාත්තා... නිල් අහස පුරා... [ඔබේ පැතුම් මල් මගේ දෑතේ පිපිලා තාත්තේ මේ මල් සුවඳ ඔබ නහවන්නයි] නෙතු වෙහෙසා මග බලමින් උන්නා මා දිනු ලෝකය දෝතට රන්දා දෙපා මුලින් තබන්න හිතුවා ආයෙත් නොඑන්න නුඹේ නෙතු වැසුනා කොහෙදෝ නුඹ ඈතක ඇදුනා ඇදුණා මගේ තාත්තා සැනසී හිඳින්න මා දැන් දිනුවා දිනුවා මගේ තාත්තා... නිල් අහස පුරා...

Nil Ahasa Pura lyrics · Romesh Sugathapala, Lakshan Wijesinghe