Thotupola

Athinatha Aran

Sankani Edirisinghe

අතිනත අරන් යන විට සෙමින් නව නෑසියන් සමඟින් මෙසේ මංගල සිලෝ හඬ අභිබවා මට නුඹේ මෘදු කටහඬ ඇසේ පියාණනේ ඔබේ ඇමතුම් හඬ ඇසේ මඟ නොමඟ මේ යැයි කියා ජීවිතේ අග මුල සොයා ඔබ කියාදුන් මහඟු පාඩම හදේ ගැඹුරුම තැන ලියා මගේ ඉරණම් ගමන මම යමි ස්නේහයේ නව මං සොයා පන්නරය ලැබ ඔබ වෙතින් ජීවිතය සැකසුනු බැවින් පරපුරේ ගෞරවය රැකගෙන හිඳින්නෙමි පතිනිය ලෙසින් දරු සෙනේ ඇට මිදුලු විනිවිද පවතිනා බව දනිමි මං අතිනත අරන් යන විට...

Athinatha Aran lyrics · Sankani Edirisinghe