Thotupola

Me Mihithale

Yasapala Perera

මේ මිහිතලේ සෙනෙහස් විලේ මධු පුෂ්ප මකරන්ධයයි පියතුමනි පාද වඳිමි ගුණ සාගරේ වන්දනා ඔබේ පාද යුග වන්දනා දරුවන්ට නොපෙනෙන්න වද වේදනා උසුලා දරුවන්ට නොදැනෙන්න දුක් වේදනා විඳිනා// පියතුමනි පා වඳිමි සැමදාම ඔබ වාසනා සංසාරයේ වාසනා ඔබ සෙවණේ මුදු සෙනෙහේ රන් බෝපතක් සේ දිලේ හදමඩලේ ගුණ මහිමේ සුදු නාමලක් සේ පිපේ// දරුවන්ව සනසන්න දුක් වින්ද පියතුමනි බුදු වන්න පින් දෙන්න ඉඩ දෙන්න පියතුමනි// පියතුමනි පා වඳිමි සැමදාම ඔබ වාසනා සංසාරයේ වාසනා මේ මිහිතලේ...

Me Mihithale lyrics · Yasapala Perera