Thotupola

Diwa Ra Duk Windala (Weeriyen Soya)

Desmond De Silva

දිවා රෑ දුක් විඳලා කුසගින්නේ ඉඳලා ඇති දැඩි කළා අපේ පියා දාඩිය මුගුරු හෙළා නිතරම වෙහෙස වෙලා දුක මට සැපයි කිය කියා දරුවනි මා වගේ මිනිහෙක් වෙයන් ලොවේ නිතරම අවවාද කරන්නා ඉර හඳ තරු වාගේ ජිවිතයට මාගේ ඔබේ ආලෝකය වේවා වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා අත්මුදුන් තියා වඳිනෙමි ගුණය කියා කියා වීර්යෙන් සොයා අප රක්ෂා කළ පියා අත්මුදුන් තියා වඳිනෙමි ගීත ගය ගයා... පොත් පත් ගෙනදීලා දියුණුවේ මග පෙන්නා අපේ දෑස් පාදලා දුන්නා කන්නට බොන්න ඇති එහෙත් ඊට නෑ කැමති කෑම සොයා අපට කවන්නා කඩමළු ඔහු අඳිති අපි ගැන ඔහු බලති දරුවන් දැක සැනසෙන්නා මගේ හදවත පතුලේ ඔබේ සුවඳය ඇත්තේ වාසනාව ඔබ මගේ පතනා වීර්යෙන්... කට ඇති පුතේ මගේ රූ බර දුවේ මගේ මේ රට ඔබේ සහ මගේ මව්පියෝ ඇති ඔබගේ එහි ඉටුදෙවියෝ වගේ යහතින් ඔබ රැකගන්නා මා පිය රැකවරණේ ආදර දරුවන්නේ වේවා මතු ඔබ සරණේ වසනා තුරු සසරේ ඔබේ ගුණ කඳ පැතිරේ වේවා පියතුමා මගේ වීර්යෙන්...////

Diwa Ra Duk Windala (Weeriyen Soya) lyrics · Desmond De Silva