Hanthane
හන්තානේ කඳු මුදුන සිසාරා පවනක් වී එන්නම් ඔබේ සුවඳ රැඳී කුටිය සමීපේ කුසුමක් වී ඉන්නම්// තුන් මහළින් සැදී සරසවි පෑයේ මල් කැටයම් සෙවණේ සිරි පෝදා වැස්සේ නැගුනු සතුටු රළ මිරිඟු සයුර විණි අතීතයේ// හන්තානේ... පාළු නිසංසල කඳුවැටි අතරේ මහවැලි ගං ඉවුරේ අත්තටු සිඳගත් විහඟ විලාසෙන් අපේ පැතුම් ඉකි බිඳිනු ඇසේ// හන්තානේ...
