Malata Renu Se
මලට රේණු සේ ඔබ ළඟ ඉන්නම් සඳට තරුව සේ තනිය මකන්නම් නෙතට කඳුළ සේ නෙත ළඟ ඉන්නම් මියෙන තුරා ආදරෙයි කියන්නම්// සිනා පිරුණු මුව නිරන්තරේ පෙනේවි නම් ආල කතන්දර හොර රහසේ කියාවි නම්// ඔබේ තුරුල්ලේ උණුසුම් සුව ලැබේවි නම් මියෙන තුරා ආදරෙයි කියන්නම් පාළුව මකනා කවියක් සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදී රැඳී ඉඳීවි නම්// ඔබ කිසිදා මා සිත නොතලා රැඳේවි නම් මියෙනතුරා ආදරෙයි කියන්නම් මලට රේණු සේ...
