Thotupola

Giman Harina Diyamba Dige

Amaradewa W D

ගිමන් හරින දියඹ දිගේ සුසුම් හෙලන වෙරළ ඉමේ බැස යන හිරු අඩැසි සඳට රහස් කියනවා සඳ ආදරයෙන් අහස පුරා රටා මවනවා... හිත් දැහැනේ වෙලී තිබුණු නෙත් දැහැනේ ගලා හැලුණු මියැදෙන්නට බලා හිඳපු ආදරයද මේ හිරු රහසේ කියා දුන්න ආදරයද මේ... නිල් කටරොළු නිල නැහැවුන මල් ගව මුදු සුව රැඳවුණ තොල් පෙති කල් හල දාලන ආදරයද මේ නුඹ රහසේ කියා දුන්න ආදරයද මේ... ගිමන් හරින...

Giman Harina Diyamba Dige lyrics · Amaradewa W D