Thotupola

Budu Karuna Desa Themi

Nanda Malani

බුදු කරුණා දෑස තෙමී මෙත් සිහිලැලි ඇද හැලුණා නිවා තාප ලෝ කතරේ අමා වතුර ගලා බසී බුදු කරුණා දෑස තෙමී... කඳු වැටිවල නිසොල්මනේ ගහ කොළ මල් පිපී නටයි// නැවුම් පොළොව නව නිල්ලේ බුදු සිරිපා පහස ලබයි බුදු කරුණා දෑස තෙමී... කෙළෙස් මලින් උකටලි සිත නිවා තවන සුවය සොයයි// නිසල ඔබේ බුදු රුව ළඟ මගෙ හද භාවනා කරයි බුදු කරුණා දෑස තෙමී...

Budu Karuna Desa Themi lyrics · Nanda Malani