Thotupola

Maniyani

Clarence Wijewardena

මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා ඔබේ හසරැලි ඔබේ කඳුලැලි මට දැක පුරුදුයි ඔබේ උදහස ඔබේ අදහස මට හුරු පුරුදුයි සිරුර පුරා දියවන ලේ සුවඳ සුපුරුදුයි සිරස නමමි ඔබේ නාමය සදා පිවිතුරුයි මෑණියනි හද සෙවණ ගෙනෙන නිවන ඔබ තමා මා ළයෙහි සුව මිහිර මවන පහන ඔබ තමා ජිවිතයේ මා සොඳුරු මිහිරි සිහින ඔබ තමා මෑණියනි ඔබේ දෙපය අසල වඳිමි දණ නමා...////

Maniyani lyrics · Clarence Wijewardena