Thotupola

Sobawa De

Rodney Warnakula

සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැදුරු පාර දෙපැත්තේ සොඳුරු සල්පිල් වල දෙව්ලොව නැති සැප විකුනන්නේ නුවරු රිසි රිසි දේ ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිත ලතැවෙන්න සෝභාව දේ.../ (ජේත්තු කාර ලියන් ගත විලවුන් මුහුණ සිඹින්නා සාටක දුහුල ඉරන් නාරිලතා මල් පුදින්නා)..// දෑසින් අමතන බස් වැසුණු දොරක් විවිර කරන්නේ එළිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝභාව දේ.../ (සැණකෙළි පුරා හඳේ නිකිණි අවන්හල් පිබිදෙන්නා ඇසුවන් දුක් සින්දන ගී සින්දු සවන පිනන්නා)..// සත හට සෙත සලසා අතකින් මදුවිත පුරවන්නේ සව්දිය පුරන ළඳක් රකුසූ නෙතක් පාළු කපන්නේ (සෝභාව දේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පියකරු වූ සුසුදු වලා කැරලි පලසකි මේ මග දිග ඇතිරූ අහස සූරන මැදුරු)..// සෝභාව දේ...

Sobawa De lyrics · Rodney Warnakula