Mulu Hadin Mama Ayata Pem Kota
මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි // නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා // මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි // නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා සිනාසුනු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා// එදා රෑ ගං ඉව්ර අසබඩ සුපුන් සද පායන වෙලාවක කථා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක // මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා //
