Thotupola

Dileepa Podi Puthu

Clarence Wijewardena

දිලීප පොඩි පුතූ සනීපයට නිදි මවගේ උකුල් යහනේ කුමාරයාණනි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ පරෙවි දෙපා වැනි සුලලිත කෝමල සුමුදු ටිකිරි දෑතේ පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත මා නොලියුව ගීතේ දිලීප පොඩි පුතූ.... මහද විමානයෙ තැන්පත් කළ ලේ බිඳුවක් අඩුව ඇතේ එය සඟවා ගෙන බිලිඳු වෙසින් ආ වස්තුව ඔබය පුතේ දිලීප පොඩි පුතූ සනීපයට නිදි මවගේ උකුල් යහනේ (කුමාරයාණනි මගේ කිරුළ හිමි ජීවන රජ දහනේ...//)

Dileepa Podi Puthu lyrics · Clarence Wijewardena