Thotupola

Ekama Eka Warakwath

Subhani Harshani

එකම එක වරක්වත් ආදරෙයි කියන්න රැහුණු දුම්රියෙන් අද රෑ ගම රට එන්න කවි ලීවට ගී ලීවට කොලේ පිරෙන්න හිත පිරෙන්නේ නෑ කුමරුනි ඔබ ළඟ ඉන්න හිතේ කාන්සිය නිවන්න පාර කියන්නේ සුදු වැල්ලයි මෘදු වෙරළයි තනියට ඉන්නේ වැටකෙයියා මල් සිඹගෙන පෙම් රළ ගුවනේ පාවෙන සුළඟට දැනුනා ඔබ නැති අරුමේ එකම එක වරක්වත් ........... නිදිනැති රෑ යහන පුරා හීනෙන් තනිවී ඔබ යන එන මඟ බල බල සිත තනිරකිවී හෙට හිමිදිරියෙ ම කියන්න තුරුලෙහි නැලවී හුරතල් පෙම්බස් බොහොමයි දෙතොලග සිරවී එකම එක වරක්වත් ...........

Ekama Eka Warakwath lyrics · Subhani Harshani