Thotupola

Duhul Maruthe

Shanika Madumali, Dasun Madushan

ස්වප්නා... ස්වප්නා... දුහුල් මාරුතේ වෙළී මා ගතේ පැතුම් මෝදු ‍වීලා සැඳෑ යාමයේ‍ හැඟුම් මාවතේ තුරුල් වී හදේ මවා ගත්ත ලෝකේ හැබැහී වගේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ දෝරේ යයි ආදරේ ස්වප්නා... ස්වප්නා...// ඉටි රූපේ හැඩ නෑනේ කවදාවත් ඔබ වාගේ සුදු මූණේ පෙම වෑහේ හැමදාමත් මගෙ වාගේ හිත් දෙකක් ළං වෙලා කල්පයක් වගේ රත්තරන් ආදරයේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ දෝරේ යයි ආදරේ ස්වප්නා... ස්වප්නා...// සඳපානේ තරු පාරේ ඇවිඳින්න යන් එක රෑනේ නොසිතු සේ දුක සෝකේ හිමි වූවත් සංසාරේ ඇත්තමයි ඔබ මගේ ජීවිතේ වගේ පාළු නෑ මේ දිවියේ ස්වප්නයක් වගේ ස්වප්නයක් ද මේ දෝරේ යයි ආදරේ ස්වප්නා... ස්වප්නා...////

Duhul Maruthe lyrics · Shanika Madumali, Dasun Madushan