Hada Gilei
හද ගිලෙයි අම මිහිරේ පෙම් සුවේ රස ඉතිරේ මල් පැණි මදිරා මී පැණි ගංගා පෙම් සයුරට මුසුවේ පෙම් සයුරට මුසුවේ හද ගිලෙයි අම මිහිරේ පෙම් සුවේ රස ඉතිරේ වන බඹරු නොදත් නොසිතී සමනලුන් දුටුව සිරි රොන් ගත විහිදේ පෙම් ලිය ගොමුවේ පොබයා මල් සිනහා පොබයා මල් සිනහා හද ගිලෙයි.../ පෙම් ගලා සුළඟ කැටිවී ඇති තුරුළු වෙලා කිමිදී කඳු ගැට මතදී බැස යන ගඟදී සීතල මට දැණුනා සීතල මට දැණුනා හද ගිලෙයි.../ සුදු පළිඟු තලා උඩදී සඳ කිරණ සමග මුසු වී පෙම් රළ පතරේ පෙණ පිඩු විසිරේ ආදර කිරි මුහුදේ ආදර කිරි මුහුදේ හද ගිලෙයි.../
