Maha gana wananthare
මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ සැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ// ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලා මම කුරුළු වෙසින් සොය සොය එමි පියඹලා// වණ මලක් වෙලා ජනිත වුණොත් එම කැළේ මම සුවඳ ලෙසින් එමි පාමින් සුරතලේ// මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ... ඇය සා දෙනෙකුව දිව යයි නම් බිය වෙලා ඉමි උඳුපියලිය පළස විලස වැතිරිලා// දිය පාරක් වී බැස යන කල වන පෙතේ මම කුඹුක් ගසක් වෙමි ඉවුරෙහි පිය කතේ// මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේ...//
