Thotupola

Ira handa Yata

Nadeeka Guruge

තුති ගීතිකාවක බැතිය මවන පවනේ කිතියෙන් මේ නෙත් උළෙලට එන්න... ඇතුල් හිතේ තියෙන රෝස කැකුළු වර්ෂා අස්සෙන් එන්න.. එන්න.. අහසේ පැල් බැඳ සදා බලා හිඳිනා,, මේ ඉර හඳ යටදීම, ආදරේ විඳින්න ජීවිතේ විඳින්න// ආවේ කොහෙන්ද ඉන්නේ කොතැනද මෙහි කවුරුවත් නෑ අහන්න, නොසිතූ මොහොතක මියයන්නට පෙර, මේ හමු වීමම කොයි තරම්ම උතුම්ද තෙත් සමනල් පෙලපාළේ එන්න.. මේ ඉර හඳ යටදීම, ආදරේ කරන්න ජීවිතේ දකින්න// ආවේ තනියම, යන්නේ තනියම එනමුදු තනි කවුරුන්ද.. සුසුමට වැඩියෙන් සමීප වන්නට, මේ ලංවීමේ වෙන් වීමක් කොහින්ද.. මේ මානව සුවඳේ පිනෙන්ම,,, මේ ඉර හඳ යටදීම, ආදරේ කියන්න ජීවිතේ හොයන්න//

Ira handa Yata lyrics · Nadeeka Guruge