Thotupola

Sathapena Kala

Sujatha Aththanayaka

චිත්‍රපටය: අල්ලපු ගෙදර (1965) සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ...// සියොළඟ යහනතෙ ඉම තියා මගෙ හිත ටික ටික දුර ගියා...// සැතපෙන කළ විඳ නිදි සුවේ ඇසිපිය හෙල හෙල අත වනා...// මදහස මතුකොට හිනැහුණා...// තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත එය රන් තරුවෙකි සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ උකුලත සුව පිට හිත තියා...// නැලවුණි මධු රස ගී කියා...// තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත ඒ රන් ගිරවෙකි සිඹ සිඹ මගෙ වත සැනසුනා සුර ලොව සුර සුව වැටහුණා තරුණෙකි කුමරෙකි නිරිඳෙකි නැත නැත ඒ පිපි කුසුමෙකි සැතපෙන කළ විඳ නිදි සුවේ දුටු සුභ සිහිනය යළි මැවේ....

Sathapena Kala lyrics · Sujatha Aththanayaka