Mage desa obe kiya
මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා // ආදරයේ අනන්ත මං තලාව ඔස්සේ මගේ නුවන් ගමන් කලේ ඔබ පිටු පස්සේ // මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා ඔබේ අතින් නළලේ තැබූ කුංකුම තිලකේ ඔබගේ රුව නොදැක සොවින් නළලත වැලපේ // මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා මගේ දෑස වැලපෙන උණුසුම් කඳුලැල්ලේ ඔබේ දෙපා ගමන් කරයි හිතු සැනසිල්ලේ // මගේ දෑස ඔබේ කියා ඔබ පවසනවා මම සැනසෙනවා //
