Duwe Numba Mage
දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි...// මං මලක් ලෙස නුඹ නොහැදුවේ පෙති හැලී පරවෙන නිසාමයි දුක දිනා හිනැහෙන හැටි දුවේ නුඹ දැන උගත් පාඩම තමයි මිල මුදල නිල බල යා නොදෙයි...// කළ හොඳම විතරක් ඉතිරිවෙයි...// දුවේ නුඹ මගෙ ප්‍රාණයයි සැබෑ වුණ සුබ සිහිනයයි සෙනෙහසින් කුලගෙට පියනගන්නේ සනුහරේ අභිමානයයි අප මී මුතුන් මිත්තන් එදා සිය ලේ කඳුළු දහදිය පුදා පරපුරෙන් පරපුරට රැගෙන ආ ඒ ගෞරවය මගෙ දුව තමා නුඹ යන්නෙ හිස් දෑතින් නොවේ...// ගෙනියන්නෙ ඒ අභිමානයයි...// දුවේ නුඹ මගෙ ප්‍රාණයයි.../
