Soya Pilisaranak
සොයා පිළිසරණක් ලොවෙන් මා නොලැබ හව්හරණක් භවෙන් භවයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ බුදු වදනක් ගෙවා සුවහස් යොදුන් මේ කතරේ සොයා යන මං නොදැන මේ අඳුරේ...// යුගෙන් යුගයේ පතා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ මුදු සිහිලක් සොයා පිළිසරණක්... මහා කරුණා නුවන් දිය ගැඹරේ ගිලී සැනහී නිවා ගිනි සසරේ...// පහන් වැට සේ සොයා ආයෙමි හිමියනේ ඔබේ ඔබේ නෙතු කැල්මක් සොයා පිළිසරණක්....
