Thotupola

Pinna Mal Pipi

Amitha Wadisinghe

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ වෙල අයිනේ කැන්ද ගහේ ගහ මුදුනේ ...// සිංදු කියන කුරුලු රෑන ගම නළවනවා ගම නළවනවා පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි බිංදු බිංදු රන් පිණි මුතු පුංචි පුංචි කරල් සැදී ...// ගොයම් ගසේ අග ඇමිණී සුළඟෙ නටනවා සුළඟෙ නටනවා සිංදු සිංදු හතර අතේ වෙල් එළියම එක ගීයයි ...// රැන්ඳුනු සිනහා මැද්දෙන් ගම නැළවෙනවා ගම නැළවෙනවා පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි... පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි පින්න මල් පිපී

Pinna Mal Pipi lyrics · Amitha Wadisinghe