Oba Ma Hamu Una Me Ira Handa
ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි ඔබ සිත මා සිත හමු වූ දා සිට මා ලය පීදී පර වුනු පෙම් මල සිතින් තුරුළු කර මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි ඔබ මා හමු උන ..../ කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි මිරිගු සයුර වෙත පියමන් කල සැටි සිතින් දරාගෙන මා මල දවසට මගේ ළඟ තනියට ඉනු මැනවි මගේ ළඟ තනියට ඉනු මැනවි ඔබ මා හමු උන../
