Thotupola

Mala Girawiye

Karunarathna Divulgane

මාල ගිරවියේ මාල ගිරවියේ මට ඔබත් එක්ක අපේ ගමට පියාඹන්න ආසයි මම දන්න කියන ගහකොළ මල් පෙන්නන්නට ආසයි මාල ගිරවියේ මාල ගිරවියේ .... දුර නෑයෝ පවා ගේ දොරකඩ එකතු වෙලා හිඳීවී නුඹේ මාලේ හැබෑ රත්තරන්ද අතගාලා බලාවී මේ සේද ඇඳුම් ඉල්ලාගත්තේ කාගෙන්දැයි අසාවී මාල ගිරවියේ ..... මගෙ උරතලයේ හිස තියාන හෙමිහිට ඉකි බිඳීවී අපෙ නැතිබැරිකම් මේ තරමට අමිහිරි දැයි අසාවී ඒ නිසා තවත් ටික දවසක් ඉවසමු අපි කුමාරී මාල ගිරවියේ ....

Mala Girawiye lyrics · Karunarathna Divulgane