Thotupola

Perawadanak Nathi

Nadeeka Jayawardana

පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසු වදනක් නුඹගෙන් // හැම හමුවීමකට නියමිත අවසානයක් ඇත්නම් සේරුන් වුව ගයනා ගීයට විරාමයක් දේ නම් මට කුමටද තව පසු වදනක් නුඹගෙන් එක සෘතුවකට පසුව නව සෘතුවක් පැමිණේ නම් ගහ කොල මල් දළු ලා යායට අලුතින් සැරසේ නම් මට කුමටද තව පසු වදනක් නුඹගෙන් පෙරවදනක් නැති අප පෙම් පුරාවතට මට කුමටද තව පසු වදනක් නුඹගෙන් // මට කුමටද තව පසු වදනක් නුඹගෙන් //

Perawadanak Nathi lyrics · Nadeeka Jayawardana