Ma Adaraneeya Mage
මා ආදරණීය මගේ අම්මා වෙතටයි... මේ ලියන්නේ ආරක්ෂක කඳවුරේ සිටයි... අපි ඉපදිලා ඉන්නෙ අපෙ රට රැකගන්නයි... මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි... අම්මෙ මා කැප උනේ ඒ යුතුකම ඉටු කරලන්නයි... අව්ව වැස්ස රෑ දාවල් එකයිනේ අපට.. එකම හිතින් ඇවිත් ඉන්නෙ අපි සේවයට... කිසිම භයක් දැනෙන්නෙ නෑ කොහොමත් සිතට... සේවය කරනෙමි මිය යන තුරු ලක්බිමට...// වීර පුතුන් බිහිකර රට රකින්න පුදනා... අම්මවරුන් පා යුග වැඳ පුදන්න ඕනා ... අම්මේ ඔබ කල සේවය සදහට අගනා... ඉතිහාසයෙ ලියවෙයි මතු දිනයක සොඳිනා...// අම්මේ මම සිතුවේ මේ ලිපිය ලියන්න... මේ සටනින් මා මියගිය දවසක ඔන්න... මා මෙහි නැති අඩුපාඩුව මකා දමන්න... බාල පුතත් හමුදාවට භාර කරන්න...// මා ආදරණීය මගේ.../
