Thotupola

Ae Neela Warala Peerala

Danapala Udawaththa

ඈ නීල වරල පීරලා ඈ යන ගමන හැඩ වෙලා ගම්මානෙ මිහිරියාව ගමම එළි කලා පුන්සඳ රැස් කැළුම් හෙලා ඈ සුර දෙව් ලියක් වෙලා කුසුම් නටයි පවන් සල සලා..... සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...// වසන්ත සමය ළං වෙලා කෝකිල නදින් මත් වෙලා සිසිල් සුළං යාවි පාවෙලා දඟ පුළුලුකුල සල සලා ඈ මග යන්නෙ හිනැහිලා නිල් නෙත් යුග මහද මත් කලා..... සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...// ලස්සන මල් කුමාරියෙ ගම එලි කල මනාලියේ ඔබ දුටු මගෙ හද පිනා ගියේ සුර ලෝව සුරඟනාවියේ මගෙ හද දිනු දයාවියේ සිරි දෙව් දුව ඔබ ප්‍රියාවියේ සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...// හැඩ වැඩ ගමන ලලිත වේ ඔබ මුළු ගමට මැණික වේ සිනහ මුවින් හදක් සැනසුවේ සාමය සතුට රැඳි ලොවේ කුමරියෙ ඔ‍බ සිතේ මැවේ නොබලා හදවත දුකින් තැවේ ඈ නීල වරල පීරලා ඈ..... සුරංගනාවි සුරංගනාවි සුපෙම්බරාවි ගම්බද විලාසිතාවී...///

Ae Neela Warala Peerala lyrics · Danapala Udawaththa