Thotupola

Susuman Pawee Haguman Yawee

Athula Sri Gamage

සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ ආදර දෙවොලේ පිදු මල් පර වී නිසල සැඳෑවේ මේ ගං ඉවුරේ දෙඩූ වරු ගණන් පෙම් පියසේ සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ සෙනෙහස වියැකී නෙතු යුග වැලපේ පාළු මාවතේ මා තනි වී සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ ආදර දෙවොලේ පිදු මල් පර වී මතක සිහිනයේ මා හද රිදවා තනි කර දා ඔබ යන්න ගියේ කවදා හෝ ඔබ එන තුරු මා වෙත කවදා හෝ ඔබ එන තුරු මා වෙත තනි වී ඉන්නම් මා ළඳුනේ සුසුමන් පාවී හැඟුමන් යාවී මිලින පැතුම් මල් සුළගේ පාවී නෙතු කැන් බොඳ වී සිතුවම් සිහි වේ ආදර දෙවොලේ පිදු මල් පර වී ආදර දෙවොලේ පිදු මල් පර වී ////

Susuman Pawee Haguman Yawee lyrics · Athula Sri Gamage