Ahala Mal Pipena
ඇහැල මල් පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නා පුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නා ඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනා වැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නා වනේ පිපුණු මලක් ලෙසට සුවඳ හමන්නා..// ඔමරි බැලුම් හෙලාවී මුහුණ බිමට නැමේවී ඇහැල මල් පිපෙනා .../ බහක් නොදී ගියත් අහක බලා සිනා සී මට ම හිමී යැයි මගෙ සිත නිතර කියාවී..// මඟ බලමින් සැමදා ඉඳිවැට ළඟ ඉන්නම් ඇහැල මල් පිපෙනා .../
