Thotupola

Aadare Oba Ma Hata Athida Kiya

Mariazelle Goonetilleke

ආදරේ ඔබ මා හට ඇතිද කියා මා සිතේ සැකයක් ඇත ඉපදීලා මාව දමා මෙහි තනි කරලා ඔබ යයිදෝ වෙන්වීලා ආදරේ දුක් වේදනා ඔබ දෙයිදෝ මට මතුදා ආදරේ ඔබ හට කෙතරම්ද කියා ගීතයෙන් කියනෙමි ඔබ හට පහදා මේ දිවියේ අවසානෙ තුරා මම ඉන්නම් ළං වීලා ආදරේ දුක් වේදනා මා දෙන්නේ නෑ කිසිදා මහ මුහුදේ යන අතරේ මම මුහුදට වැටුණෝතින් මම කිමිදීලා දිය යට ගිලිලා ඔබ බේරන් ගොඩ එනවා මහ කැළයේ යන විටදී හොරු රැළකට අසුවේ නම් සටනට වැදිලා උන් එලවාලා ඔබ ‍බේරන් මම එනවා ආදරේ ඔබ මා හට ඇතිද කියා මා සිතේ සැකයක් ඇත ඉපදීලා මාව දමා මෙහි තනි කරලා ඔබ යයිදෝ වෙන්වීලා ආදරේ දුක් වේදනා ඔබ දෙයිදෝ මට මතුදා වෙන ළඳකට හිත ඇදිලා මා අමතක කෙරුවෝතින් රූ ළලනාවෝ හිටියත් කෙතරම් මම ඔබ සොයලා එනවා ඔබෙ මව් පියො එරෙහි වෙලා ඔබ මා හැරදා ගියෝතින් මේ මුළු ලෝකෙම එරෙහිව ආවත් මම ඔබ කැන්ඳා යනවා ආදරේ ඔබ මා හට ඇතියි කියා මා සිතේ සැක දැන් ඇත දුරු වීලා මේ දිවියේ අවසානෙ තුරා අපි ඉඳිමූ එක් වීලා ආදරේ දුක් වේදනා මතු වන්නේ නෑ කිසිදා

Aadare Oba Ma Hata Athida Kiya lyrics · Mariazelle Goonetilleke