Siyothun Igila Giya
සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී...// ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැන්දේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී.... දිවි කුසලානයෙ මී පුරවා යෙහෙලියෙ ඔබ මට ගෙන ආවා...// දුරු කතරේ ඈ ඇසුරේ සිත නෑ කිසිදා රැඳුණේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී...// වියැලුණු දෑසින් කඳුළු දියේ කෙම් බිම සොයනා මේ ගමනේ...// ඔබ හඬවා නෑ හිනැහී හෙට මා ඔබගේ සෙවණේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී...// ඔබ රිදවා දී වේදනා නෑ මා ඈ වෙත පෙම් බැන්දේ සියොතුන් ඉගිල ගියා මල් පිරි සමය නිමා වී.../
