Thotupola

Kiri Kodu Hithata

Bathiya n Santhush

කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුරා ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සුපෙම් නුවන් විමසාවි රෑ දිවා ඔබ රූ අඳුන් දසුනින් දුරයි කියා ඔය පෙම් තෙපුල් මදහාස පෑ නියා ළය ගිම් නිවු සිහිලාර වෑහුනා මතු මා පැතු කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ සිතුම් පැතුම් ඉටුවේවි වාසනා අඳුරෙන් මිදී සඳ ඒවි පායලා ඔබ මේ පිදු සෙවනේම ඈදිලා මගේ ජීවිතේ නවතීවි පා සිනා මෙතුවක් ලැබූ කිසිවක් නොවේ සැනසීම වේ ආදරේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝල කමට ලෝල හැඟුම නුඹට පේවුණා සබදේ සුවඳේ කුළුඳුල් ආදරේ උතුර ගැලුවේ අම මී ජීවිතේ කිරි කෝඩු හිතට ආල නුඹේ දෑස යාවුනා මගේ කෝලා කමට ලෝල හැඟුම නුඹට පේවුණා

Kiri Kodu Hithata lyrics · Bathiya n Santhush