Thotupola

Muthu Pinna thama heethalai

Nalin Perera

මුතු පින්න තාම හීතලයි වගේ.. රහ දන්න දෑස මග බලයි ඉබේ.. අරුමැක්කේ මල් නෙළන්න එන නගේ.. හද ගැස්ම ඔබට දැනෙනවද මගේ...// මල් රෙද්ද තදට තනි රකී ඉනේ.. මල් යාය හොඳට සැප විඳී බඳේ.. ඒ මලක් වෙන්නවත් පිනක් කොහේ.. ඔබ දකින එකත් සැපක්නේ අනේ.. මා දැක්කම ඉඟ නටන දර්ශනේ.. මට බලා ඉන්න ලෝබයි කෙල්ලේ.. හොර බැල්මේ බහට පිරුණු හිත මගේ.. නගා බලා ගන්න නෑ මම දන්නේ.. මුතු පින්න තාම හීතලයි වගේ..../ මුතු පින්න තාම හීතලයි වගේ.. රහ දන්න දෑස මග බලයි ඉබේ.. අරුමැක්කේ මල් නෙළන්න එන නගේ.. හද ගැස්ම ඔබට දැනෙනවද මගේ නගා බලා ගන්න නෑ මම දන්නේ

Muthu Pinna thama heethalai lyrics · Nalin Perera