Kalpayak Kal Kandulu Winda Winda
කල්පයක් කල් කඳුළු විඳ විඳ ඇස් හතර මැද තනිවෙලා දුක් විඳින්නද පෙම් කළේ අප මල් දෙකක් වී ළංවෙලා ...// කප්පරයක් බර හීන දැක දැක එක රැයක දෙතැනට වෙලා හූල්ලන්නද පෙම් කළේ අප තරු දෙකක් වී වෙන්වෙලා කල්පයක් කල් .../ සඳ මලින් බට සීත පිණි කැට ඇස් දෙකෙළවර තනිවෙලා ඉකිබිඳින්නද පෙම් කළේ අප රන් හුයෙක දෑඟිලි තබා කල්පයක් කල් .../
