Thotupola

Sadak Nam

Rohana Shantha Bulegoda

සඳක් නම් බැස යන්න තිබුනා හඬන අහසට අඳුර දී මලක් නම් ගිලිහෙන්න තිබුනා කටු අගට ලස්සන නොදී ...// පරෙවි තුඩකින් විලඳ දුන්නට ගිරවියක වළදන්නේ නෑ කඳුළු බිඳුවක රැඳෙන ගින්දර හිනාවක් හඳුනන්නේ නෑ සඳක් නම් ..../ පොළව උසුලන සියලු දුක සැප අහස් තලයෙනි හිමිවුණේ පොළෝතලයට අහස දුර බව සිතන්නේ ඇයි මිනිසුනේ සඳක් නම් .../

Sadak Nam lyrics · Rohana Shantha Bulegoda