Thotupola

Thana Thana Raumata Idagena

Edward Jayakody

(තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර)...// ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...// (පැණි මොර මල් පිපුණු රෑට කජු පුහුලන් ඉදුණු දාට)...// පුංචි අපේ සිත් තුල සතුටක් මතුවෙන්නා එවන් අසිරි සිරි දුටු සිත් පිනෙන් පිරෙන්නා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...// (කුන්ඩු පැනලා නැටුවෙත් අපි වච්චි කියල දිව්වෙත් අපි)...// හරිම වැඩේ අද ළමයින් ඒවා නොදන්නා වෛවාරණ සෙල්ලම් බඩු ගමට ඇවිල්ලා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...// (තැන තැන රවුමට ඉඳගෙන ඉද හිට එබිකම් කර කර)...// ලේන්සු හංගන්න ළමයි එක් රොක් වෙන්නා රවුම වටේ යනවිට කවි පද කියවෙන්නා (කොපර කොපර පිපීඤ්ඤා පස්ස බැලුවොත් දෙසාඤ්ඤා)...//

Thana Thana Raumata Idagena lyrics · Edward Jayakody