Hitha Nambara Thaleta
හිත නාඹර තාලෙට වෙල් දෙනි වල නැටුවා එන හිමිදිරි සිහිලෙට හිතුවිලි කිති කැවුනා එක පාරට ආදර මල් සුවඳක් දැනුනා මදහාස නගා ඈ හොරැහින් වගෙ බැලුවා // පාළු අම්බරයේ දේදුන්නක් ඇදිලා පාට ගෑ විගසේ පාළුව සැගව ගියා // සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ පාළුවූ මහදේ කවුරුද තනි මැකුවේ හිත නාඹර තාලෙට .... පාට සමනලයන් ආදර ගී මුමුණා රෝස මකරන්දේ සුවඳට ඉව කෙරුවා // සීතලෙන් මිරිකී උදාවුනු මේ අරුණේ පාළුවූ මහදේ කවුරුද තනි මැකුවේ හිත නාඹර තාලෙට ....
