Bambara Pahasa Labana Malak Do
බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක් දෝ බඹර සුවය සොයන මලක් දෝ ...// ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නේ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා මට හිතෙන්නෙ ආදරෙයි ඔයා ...// බඹර පහස ලබන මලක් දෝ .../ අද උදෙත් හිනා වෙලා ගියා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ වුනාට හිත අරන් ගියා ...// බඹර පහස ලබන මලක් දෝ ...//
