Sithum Pathum Sanda Aadare
චිත්රපටය: අභිරහස (1971) ගැ - (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// පි - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ ගැ - සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ ගැ - පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී යළි උන් ඉගිලෙනවා පි - පැණි සොයමින් බඹරුන් එනවා පැණි බී මල වට ඉගිලෙනවා... ගැ - තනිවූ කතරක මා ඉන්නේ කෙලෙස ද පිය මැන පිටවන්නේ (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ)..// ගැ - හදවත විල් දිය චංචල වේ ගැඹුරට මගෙ නෙත සිත යොමුවේ පි - හදවත විල් දිය චංචල වේ ගැඹුරෙහි වැලි මත මුතු හමුවේ... ගැ - සැතපෙන කල දුටු නිදි යහනේ එළි වෙයි දෝ රෑ දුටු සිහිනේ (සිතුම් පැතුම් සඳ ආදරේ උදාවේදෝ මහදේ සොඳුරු අහසේ අනාගතේ)..//
