Sudu Paravi Rana Se
(සුදු පරවි රෑන සේ පියාසලා පාසල නිම වී යොවුන් කුමරියන් පෙළින් පෙළට එයි ඈ තාම නෑ... ඈ තාම නෑ....//) (පොත් පත් අහුරා මුදු ළැමට තුරුලු කරවා//) (පිරුණු සඳක් සේ මහද දිලේ//) යහලු යෙහෙළියන් අතරේ ඈ තාම නෑ... ඈ තාම නෑ.... සුදු පරවි රෑන .../ (මල් හිනා පිපී මුව මඩල පුරා රඳවා//) (මුතු අහුරක් සේ දසන් සලා//) ඉර හද දහසක් පරදා ඈ තාම නෑ... ඈ තාම නෑ.... සුදු පරවි රෑන ...//
