කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ ...// කජු නාඹර රස මී අඹ ගස් යට වැහි වැහලා කොහෝ අන්න අර බලපන් මී වද පැණි පිරිලා .../ කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ බක් මාසේ මඟුල් නැකත් මටත් කියනවදෝ කොහෝ කොහෝ .../ රබන් හඬට බඹරු නටන ලස්සන ගම් මැද්දේ කොහෝ උඹත් ගී කියපන් සිංහල අවුරුද්දේ ...// කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අපේ ගමේ රබන් පදේ උඹට ඇහෙනවදෝ කොහෝ කොහෝ කොහේ ඉඳන් කොහෝ කියනවදෝ අවුරුද්දට අපේ දිහා නෑගම් එනවදෝ
