Thotupola

Mee Amba Wanaye Gee Hada Pathura

C T Fernando

මී අඹ වනයේ ගී හඬ පතුරා කාවද අමතන්නේ ලස්සන මුහුණට ඇස්වහ දෙන්නද ඔය හැටි හිනැහෙන්නේ මිහිබට දෙවඟන ඇවිදින තාලෙට කොහොමද ඇවිදින්නේ ලා නිල් පාටට දිලිසෙන හින්දද ඇස් දෙක නලවන්නේ... සිහිනෙන් සිහිනෙට ඔබ එනවා මොනවාද හිමිහිට මුමුණනවා හදවත රිදුමද නවතිනවා මොහොතින් යළි නොපෙනී යනවා.. බඳ වට සුදු ඔසරිය පටලා මල් පොකුරක් ඔබ අත තබලා ලඟදිම මනමාලිය කරලා ගෙනයන්නෙමි ඔබ මගෙ කියලා.... මී අඹ වනයේ.../

Mee Amba Wanaye Gee Hada Pathura lyrics · C T Fernando