Kawurunda Kawuluwa
කවුරුන්ද කවුළුව වැහුවේ මට දුන්නු ආදරේ.. මං කොහොම තනිමඟ යන්නේ මේ නුහුරු මාවතේ.. හුරු හිතට නුහුරක් දැනුනා අපි කෙරූ ආදරේ.. නවතින්න අවසරයි ප්‍රේමයෙන්... කවුරුන්ද කවුළුව වැහුවේ...// නාඩන්න මගෙ පන කියලා නුඹ ගියා මා දමා.. හැරයන්න හේතුත් කියල මට කෙරූ චෝදනා.. නිම නොවෙන ප්‍රේමෙන් නික්මෙලා.. මට දුන්නු ඒ හුස්මත් හිරවෙලා.. මතකයද මේ දුක් දෙන්නේ - අපි කෙරූ ආදරේ.. අමතකද මා ලඟ උන්නා - තනිකමින් උන් දිනේ.. ඇස් වැහෙන මොහොතක් පාසා - නුඹ ඉන්නවා හිතේ.. යලි එන්න හැකිනම් ඉක්මනින්.. නුඹෙ සුවඳ විලවුන් තවරා - සයනයේ ගුලිවෙලා.. පැරණි මතකය මා ඉල්ලා - යලි එන්නෙ නැති නිසා.. යලි එන්නෙ නැතිදෝ මා සොයා හැකි මට ඉන්න පෙර සේ ඉවසලා.. කවුරුන්ද කවුළුව වැහුවේ.../
