Thotupola

චිත්‍රපටය : ආරාධනා (1981) සීත අරණේ සුපුල් නා මල සුවඳ ගැල්වූ ජීවිතේ සීත හිම ගිර සීත නොදැනේ දැනෙයි උණුසුම ආදරේ (ලතාවක් සේ වෙලී සියොළඟ පතමි රැකවරණය ඔබෙන්...//) සදා දෝතින් මලක් සේ ඔබ වැළඳ ගන්නෙමි හදවතින් හදවතින්.. (වලාවක් සේ අයාලේ ගිය සිතට නිවහන ඔබ ළඟයි...//) මහා කතරෙක ගෙවූ තනි මඟ නිමා කළ ඉම ඔබ නෙතයි ඔබ නෙතයි.. සීත අරණේ සුපුල් නා මල....

Seetha Arane lyrics · Malani Bulathsinhala, Milton Mallawarachchi